Monday, November 29, 2010

අළුත් දවසක්

ඉර පායනවා...
මල් පිපෙනවා....
හැමදේම අළුත් වෙන උදෑසනක..
මන් විතරක් දවසින් දවස..
පරණ වෙනවා.....

Friday, November 26, 2010

මායාව

කුසුම්
මම නුඹට ප්‍රේම කරමි
නමුත්
නුඹ
නවකතාවක චරිතයක්ම
පමණි.

Thursday, November 25, 2010

බ්ලොග්

බ්ලොග් බලන්නත් ඕනේ
කමෙන්ට් දාන්නත් ඕනේ
ගුන දොස් කියන්නත් ඕනේ
ප්‍රචාරය කරන්නත් ඕනේ

ලියපල්ලකෝ මන් වගේ
ආත්ම තෘප්තියට

අනික් උන් බැලුවත්
නොබැලුවත්
කමෙන්ට් දැම්මත්
නොදැම්මත්
මම ලියනවා
මට ඇති වෙනකම්

මට ලියන්න නිදහස තියෙනවා වගේම
උන්ට කියවන එකටත් නිදසක්
තියෙන්න ඕනේ

තනිකඩයා

නිදහසේ
කැමති විදිහට
තව ටිකක්
ඉන්න තියේ නම්

Tuesday, November 23, 2010

වලදැමීම

මිනී පෙට්ටියක දැමූ
අතීතය
පියන් සිරකොට ඇණ ගසා
මිහිදන් කොට
ඒ මත ඇතිරූ කොන්ක්‍රීට් මත
ඉදිකරන්න හැකිනම්
අනාගත සොහොන

භූතයා

අතීත
භූතයා
බය කරන
අනාගත
ළඳරුවා

ආදරේ

මගේ ආදරේ
ඔයාගේ සතුටයි
එහෙනම්
දීපන්
මට මගේ
නිදහස

Monday, November 22, 2010

කැමරාව

මැක්‍රෝ ලෙන්ස් නැති
මගේ සිත් කැමරාවට
ගොඩක් ලං උනාම
නුඹව පේන්නේ බොඳ වෙලා

මම

නුඹෙන් ඇතට යමි
ඇය අසලට නොයමි
මම සමුගනිමි
මගෙන් සහ ලොවෙන්

ඇය

සතුටු හිරු රැස්
පාය තිබූ සිත් අහසට
අඳුරු වැහි වළාවක් විය
ඇගේ ආදරය

ලංවීම

කලින් වගේ
ඈතින් හිටියන්න්
නොදැනෙනු ඇත
මෙතරම්
දුකක්

වැලලීම

ඇගේ ප්‍රේමයට
වැලලූ අපේ හිත්වත්කම්
මත
වැලපෙන
මං විඳි එකම සතුට
නොදනිමි
නුඹ ගැන

Sunday, November 21, 2010

පිළිතුර

මන් නුඹට
සැලකූ අයුරු
එතරම්ම
දුෂ්ඨද?
මේසේ
ප්‍රතිසැලකිලි
දීමට

දුරස් බව

ලංවෙලා උන්නු
අපි මැදින්
තාප්පයක් බඳින්න තරම්
මන් කරපු
වැරැද්ද
කිම?

Saturday, November 20, 2010

කුණාටුව

අතීත කුණාටුව
වැනසූ වර්තමානය
නටඹුන් අනාගතය
ඇදවැටුනු මම

සතුට

ජීවිතයේ ඌ
එකම සතුටද
අහිමි ඌ සඳ
මරණයද සතුටකි

Friday, November 19, 2010

අවුල

ජේල් ගාලා
වතුර ටික දාලා
පීරලා
කොන්ඩේ අවුල් යවනවා වගේ
ඔළුවේ අවුලුත් යවන්නත් පුළුවන් නම්

හිත

මන්දාරම් අහස
කඩාවැටෙන්න
පෙරුම්පුරන
වැහි කඳුලු

Wednesday, November 17, 2010

දුක

හිමීහිට කැරකෙන විදුලිපංකාවේ තටු වලට කැරකෙන් ලයිට් එළියෙන්, ටිකෙන් ටික අඩිය මතුවෙන අරක්කු වීදුරුවේ තිබිලා ඇඟට උරා ගත්ත මත්ගතිය දෙගුන දෙගුන කරද්දි. අහිමි වීම නිසා දුකට පත් වෙච්ච මගේ හිතට තාවකාලික් සුවයක් ලබා දුන්නා ඒත් ඒක පහුවදාට ආයි එනෙන ඔළුවේ කැක්කුමක් සහ පිපාසෙකුත් එක්ක

Tuesday, November 16, 2010

මන් අතරමන් උනා

අන්දකාරේ
විදුලි එළියට
දිලිසෙන අකුරු අතරේ
වත්සලා
අමන්දී
ආලෝක
එක්ක මන්
අතරමන් උනා

Monday, November 15, 2010

නිරෝගීකම

සීනි නැති
තේ
දියකිරි
මාළු පිණි
ලුණු අඩු
එළවළු
රතු කැකුළු
බත්
එළවලු තෙල්
බැදුම්
හැමදාම හවසට
අරක්කු

කාලය

Buzz ඇතුලේ
Blog අස්සේ
Twitter රේ
Facebook එකේ
දියවෙලා යන
මගේ වටිනා
කාලය

අනාගතය

කුරුවල් වෙච්ච ඔළුවක්
පිළුණු වෙච්ච හිතක්
වල්මත් උන වර්තමානයක්
මොනා වෙයිද නොදන්න
අනාගතයක්

එපාවීම

ආදරේ තිත්ත වෙලා
ජීවිතේ එපා වෙලා
හැම දෙයක් ගැනම කලකිරිලා
මට ආයෙත්
මරණයේ
සුන්දරත්වය පේන්න පටන් අරන්

Sunday, November 14, 2010

අපැහැදිලි බව

අතීතය....
වර්තමානය....
අතර...
වල්මත් වූ අනාගතය....

පීඩාව

වළදැමූ...
අතීතය...
කොනිත්තන....
වර්තමානය...
රිදවයි ....
අනාගතය......

කඨින පෙරහැර

කඨින පෙරහැර...
අවසන...
පපරේ තාලයට...
දෝරේ ගලන...
ශ්‍රද්ධාව...