Tuesday, December 28, 2010

Reload

එකෙක් දාන
තව එකෙක් ඉවර කරන
වෙන එකෙක්ගේ සාක්කුව පුරවන
ඇගේ වින්දනය

ඇය

හපලා හපලා හපලා
වීසි කරපු
චුයින්ගම් එක
වෙන එකෙක්ගේ කකුලේ
ඇලිලා
ඈතට ගියා
මගේ දෑසින්

ප්‍රහර්ෂය

කට කට හඬින්
මූඩිය ඇරෙන විට
හිතේ ඇති උනි
ප්‍රහර්ෂය

Monday, December 27, 2010

Complicated

ඇයත් කැමති
මාත් කැමති
අපි අකමැති
අපේ ආදරේ

Wednesday, December 22, 2010

ඇය

මදපවනක් සේ
හමා ඇවිත්
කුණාටුවක් සේ
මා කළඹයි

Monday, December 20, 2010

මම

මගේ වැඩේ
වෙනවනම්
කොහොම හරි
එච්චරයි
මට ඕනේ

කුරේටර්

ජීවිතය එපාවූ
මට
වද නොවිඳ
මරෙන්න
ඉඩක් දීපන්

Sunday, December 19, 2010

හැඟීම්

වදන් කලවිට
අගේ අඩුවන
හිතේ ඇතිවිට
අගේ නොදැනෙන

Thursday, December 16, 2010

ජීවිතය

එහාට මෙහාට
පාවෙච්ච
ඔරුව
හරියට පදින්න
කාලය
ඇවිල්ලද

Wednesday, December 15, 2010

Heaven

සුරඟනාවියෝ සමග
යහන් ගතවෙන්න
ඉක්මනින්ම්
මාවත් ගෙන්න ගන්න

විඳීම

සොඳුරු ළඳක්
පිට අතගා
දුන්
කුළුගෙඩි පහර

උදැසන

අළුත් දවසක්
පරණ වෙච්ච ජීවිතයක්

Tuesday, December 14, 2010

ඇය

සරුංගලයකි
ඇතට යනවිට
සිත සතුටින්
ඉපිල යන
කඩාගෙන ගියොත්
දුක සිතෙන

ඔබ

කරදියත් මිහිරියැයි
සිතූ කල
මිරිදියෙහිද
ලුණු රසක් දැනුනි
මට

Monday, December 13, 2010

තරුවක්

ඉරක් නොවී
තරුවක් වෙන්න
රැස් වලින්
මාව දවා හළු නොකරන

Sunday, December 12, 2010

සතුට

ඉර එළියේ උණුසුමට
උදැසන පින්නට
වැහි බිංදුවල සිසිලසට
රාත්‍රියේ මුදු බවට
සතුටුවිය හැකි නම්
සිතට

යතාර්ථය

ඇඳ විට්ටමේ
ඔළුව වැදුනම
මතක් උනා
මම ඉන්නේ
මහ පොළව මත
කියලා

පුරුෂාධිපත්ය

සැමියාට නොසලකන
ඇය
තැවෙයි
පුතුට
නොසලකන ලේලිය
ගැන

අංගොඩ

හිතේ ඇති දේවල්
හිතේ හැටියට විඳින්න
යන්න තියේ නම්
පිස්සන් කොටුවට

උදව්වක්

පිපාසෙට
වතුර පොදක්
ගත නොහැකි
කරදිය
ලිඳක්
මම

ඉස්සර

එහම කලා
මෙහෙම කලා
අරහෙම කලා
ඒත් මම
ඒ සේරම
අමතක කලා

Friday, December 10, 2010

Absolut

නුඹ බලන්න
මම එනවා
අද හවසට
නුඹේ පහස
අත්විඳින්න

Wednesday, December 8, 2010

හැඟීම්

ඔයතරම් කොනිත්තල
රිදෙනවද බලන්න
හිතුවද
මට ලාදුරු කියලා

Tuesday, December 7, 2010

අතීතය

කුණු ලොරිය
බාන්නද
ඔබ දෙපාමුල
වලලන්නද දුඟද
නොහමන්න

ඔබ

ෂුෂුම්නාවට
දැනුනු
නුඹට ඇති ප්‍රේමය
පන නැති කලා
මගේ හදවත

Monday, December 6, 2010

කුළුගෙඩි පහර

සිතුවද ගලක් යැයි
තලන්නට
මෙතරම්
මගේ හිත

Thursday, December 2, 2010

වැටීම

වැල් පෙනෙල
කැඳවලටවත්
හැකිවෙයිද
නැගිට්ටවන්න

නූල් බෝලේ

පැටලුම් අරින්න
කෑලි කැපුවා
දැන්
ගැට ගොඩක්