Monday, January 31, 2011

නොපැතූ ලෙස

නොසිතුවෙමි කිසි දිනක
දැවේ සිත මේ තරම්
හමුවේ මරණය
වනතුරු ඔබ අහිමි

හුදකලාව

නුඹ නැති පාළුව
දරාගත නොහැකිය
අවැසිය නුඹ වෙත
නැවත එන්නට
නිවාලන්නට
හිත දවන ශෝකය

Sunday, January 30, 2011

Photo

සිටගෙන
පසුපසින්
මළ කුණකට
ගසයි තරඟයට
බලා ගන්නටද
පසුව ආතල්

Thursday, January 27, 2011

මට අඬන්නට ඇවසියි

නුඹත් මමත්
ලේ නෑයින් නොවුනද
නුඹේ මව්පියන් මට මගේම
සොයුරු සොයුරියන් වැනිය
ජීවිතය පුරාවට
මරණයන් හමුවේ
කඳුලක් හෙලා ඇති නම්
ඒ ඔවුන් වෙනුවෙන් පමණි
ඔබේ සමුගැන්ම දරාගනු කෙලෙස
දයාබර පුතනුවනි
නුඹට නිවන් සුව පතමි

ඇනෝනිමස්

නැතිනම් කාටවත්
කරදර
කුමට හිමි කරුගේ
වතගොත
නොසොයා කවුද
යනවග
බලන් ලියා ඇති
විකාර

Wednesday, January 26, 2011

අහිමිවීම

අහිමි වනතුරු
නොදැනුනි
නුඹ
මෙතරම්ම
වටිනා බව

මරණය

කිසිවෙකු ගේ
මරණය
හමුවේ නොසැලුනු
මා
මරණය හමුවේ සිටින
ඔබ
හමුවේ සසැලී ඇත
ඔබට ඉක්මන් සුව පතමි!!!

Monday, January 24, 2011

වෙනස

හැමෝම
එක වගේ නම්
මම වෙනස් යැයි
නුඹට
නොදැනෙනු ඇති

Sunday, January 23, 2011

බෝතලය

කුමක් කරන්නද
දුකට සැපට
සැමදා ලඟ සිටිය
බෝතලය
නුඹට වඩා
ලොකුයි මට

කපුකම

බොන අය ගැන
නුඹේ අදහස
අපොයි මම කැමති නැහැ
මම බොනවා
එතනින්ම ඉවරයි
කපුකම

පැතුම

නොබොන කොල්ලන්
සොයන කෙල්ලන්
බැඳපු කොල්ලන්
වේවා අමු බේබද්දන්

Saturday, January 22, 2011

වෙන්වීම

Package එක
Disconnect කලාට
තාම Incoming Calls එනවා
ඒකත් නවතීවී
සදහටම
ලඟදීම්

Thursday, January 20, 2011

එයා

නොදන්නවා උනත්
මට ඉන්න හැකි වුවත්
යාළුවෝ හැලුවත්
නෑයන්ට ගැලපෙයිද

අනාගතය

නුඹ සිටියා නම්
මෙතරම්
අවිනිශ්චිත බවක්
නොදැනෙනු ඇති
සිතට

පාලුව

බැණ අඬගහගන්න හරි
නුඹ සිටියා නම්
මෙතරම්
පාළුවක්
නොදැනෙනු ඇති
සිතට

Wednesday, January 19, 2011

මගුල් කපුවා

තෝරගන්න
පිංතූරෙකින්
නිදිවදින්න
හොඳ කෙල්ලෙක්

Monday, January 17, 2011

වෙරිමත

ජීවිතේ සුන්දරද
මෙතරම්
වෙරි
හිඳෙනකම්

Sunday, January 16, 2011

අහිමිවීම

ගල්වෙලා
මගේ සිත
සීතලට නොව
නුඹ නැති
ශෝකයට

අහිමිවීම්

විදූ සමග තනි උනාම
දනුනා
මට
නුඹ මා ලඟ
නොමැති වග

Wednesday, January 12, 2011

ආදරේ

සුන්දරයි
අපි
අපේම
නොවනතුරු

Monday, January 10, 2011

ගුණ කථන

ඉන්නකම් මොන
ජඩ වැඩ කලත්
මළහම
හිමිවරුම ඇවිත් දේසන

ඕනේ

සීතලට
උණුසුම් වෙන්නත්
රස්නේ වෙලාවට
සිසිල් වෙන්නත්
මට නුඹව
ඕනේ

Sunday, January 9, 2011

ලෝක විනාසේ

කමක් නැහැ
කොහොම හරි
වෙනවනම්
දෙදාස් දෙලහැදී

ඩ්‍රැයිවින්

මම ඇරෙන්න
පාරේ යන
හැම එකාම
බූරුවෝ

පොත්

නොදනීම ඇවිත්
පඩි පතට
තට්ටු කරන

අන්තර්ජාලය

පොත් එක්ක හරි පාරේ ගිය
මම
නුඹ නිසා
වල්මත් වෙලා දැන්

හුදකලාව

සුන්දර හුදකලාව
වනසන
රුදුරු
අන්තර්ජාලය

පච්චය

ඌ කොහොමද දන්නේ
උඹේ පපුවේ
සමනලයෙක්
ඉන්න බව

සීතල

හොඳටෝම සීතලයි
ඒත් නුඹ නැහැනේ
මා ගාව
උණුසුමක් ලබන්නට

හති

මට හොඳටෝම හති
හිතලා
හිතලා
හිතලාම
නුඹ ගැන

මගේ කවි

ගැබ්බර කවි සිත
බිහිකරන කවි පද
අංග විකල වූවද
උන් මට මගේමය

Sunday, January 2, 2011

සුහද හමුව

මහ පිරිසක්
වටකරගෙන
දුර එකෙක්
සමග
දුරකතනයේ
එල්ලීගෙන

Saturday, January 1, 2011

මාරු කාසි

අපි ගාවත් නැති
උන් ගාවත් නොමැති
පිං කැට පුරවාගෙන
දෙවියෝ ගනුදෙනු කරති

සුභපැතුම්

ජංගමයයි
ජංජාලෙයි
නොමැති කාලේ
මතක නැහැනේ
සුභ පැතුවද
නව වසරට

චූටි චූටි

නිතර නිතර
ලඟම නිසා
වැඩියෙන්ම
හිතට දැනෙන
හැඟිම්
චූටි චූටි
සිත්
රිදීම්

එසේම වේවා!!!

කියලම එපා වෙන
මේලෝ හැඟීමක් නැති
එසේම වේවා!!!

Photo Tagging

මූණු පොතේ
කක්කුස්සි වලකට
මාව ටැග් කරලා
Notification එනවා
Thanks for tagging me bro
කියලා

හුදකලාව

ජංගමයයි
ජංජාලෙයි
ඇවිත්
නසන
මගේ සොඳුරු
හුදකලාව