Monday, February 28, 2011

සපත්තුව

නුඹ දමාගිය
නුඹේ සපත්තුවමත
ගල් ගැහුණු මගේ
සිත
අරමුණක් නැති
අනාගතය

සමුගැනීම

කාලය පැමින ඇත
සමුගන්න
ඔබෙන් නොව
මගෙන්
මා හටම

Friday, February 25, 2011

අහන්න

මමත් මනුස්සයෙකි
කෙසෙ ඉවසම්ද
නුඹ පවසන විට
මට නුඹ අහිමිකල
ඔහු ගැන මතක

මරණය

ආසයි මට දකින්න
පෙට්ටියේ වැතිරුණු
මගේම මළ කඳ
පාවෙමින් අහස් කුස

Wednesday, February 23, 2011

පශ්චාත් මරණ පරීක්ෂණය

කුමට
පශ්චාත්
මරණ පරීක්ෂණ
මියැදුණු
අපගේ
ප්‍රේමයට

Tuesday, February 22, 2011

පිණි

උදැසන
පරවවැටුන
පිණි තැවරුන
සේපාලිකා මලකි
මගේ ප්‍රේමය
සුවඳවත්
නමුත් පරවුනු

ප්‍රේමය

වදන් කල නොහැක
නුඹට ඇති ප්‍රේමය
නොලැබෙන නිසා
කවමදාවත්

නිදිකුම්බා

කෙතරම් රළු උනත්
දෙපයට දැනෙන
සියුම් කටු වල
වේදනාව
සිතට දැනෙන
නුඹ ගැන
මතක

Wednesday, February 16, 2011

ආදරය

සිත තුල
ඉපදී
සිත තුල
මිය යන
වදනට
නොනැගෙන

Monday, February 14, 2011

දුක

පෙනහළු පුරවන සිගරට් දුම්
බඩවැල් හරහා යන ගල් අරක්කු
කිසිවක් නිසා නොනිමෙන
නුඹ ගැන ඇති පිච්චෙන මතක

Sunday, February 13, 2011

සැමරුම

හුදකලා සැමරුමක්
වසර ගනනකට
පසු
ඇය නැතුව

Saturday, February 12, 2011

සුභ පැතුම්

නුඹ නොමති කල
කුමට මේ
සුභ පැතුම පත

Friday, February 11, 2011

විකාර

ජීවිතයම විකාරයක්
වූ සඳ
යතාර්ථයට තැනක්
කොයින්ද

එක වදනක්

නුඹේ
එකම එක වදනක්ට
සුවපත් කල හැක
මගේ මුළු ලෝකයම

Thursday, February 10, 2011

විශ්වාසය

ඉස්මුරුත්තාවට පෙවූ රහස්
විශ්වාසයේ මුඛවාඩමෙන් බැඳ
සිරකරන් සිත තුල
වද විඳින මගේ ගත

රහස්

කෙතරම් දරුණුද යත්
කීමට නොහැක
කිසිවෙකුටත්

අනාගතයේ විපතක්
ගෙනදේ සිතට
ශෝකයක්

අනියම්

නුඹෙන් නොලදිමි
ඇගෙන් ලදිමි
කියාපන් මම
කෑවද තහනම්
ගහේ ගෙඩි

Tuesday, February 8, 2011

ශෝකය

නිල් අහස
දිලිසෙන හිරු මඩල
වැහිබර මගේ සිත

දුක

කෙසේ ඉවසම්ද
නුඹ මට
අහිමි බව දැන දැන

ආසාව

ලැබෙන දේවල්
මේතරම් තියෙද්දි
නොලැබෙන
දේම
හිත ඉල්ලන

ගුණවැයුම

කෙසේ ඉවසම්ද
නුඹේ මුවින්
ගැයෙන්
උගේ වැයුම්

Monday, February 7, 2011

අවුල

කියාගන්න බැරි
මටද නොතේරේන
හිතේ ඇති අවුල
ඔබද?

වෙනස

සොයමින්
ආදරය
සහ ප්‍රේමය
අතර

සමුගැනීම

ආසයි මට
මියැදෙන්නට
නොමැති
කල
ජීවිතයට
බලාපොරොත්තුවක්
හෙට ගැන

Sunday, February 6, 2011

වල්මත්වීම

නුඹ
අහිමි කල
වල්මත්වී ඇත
මා
මගේම
ජීවිතය තුල

Thursday, February 3, 2011

ඊරිසියාව

දැනුනා මට
ආදරේ බව
හැඟුනුවිට
මට වඩා ඌට
නුඹ

Wednesday, February 2, 2011

ආයෙත්

ලැබුනොත්
ජීවිතය
අත නොහරිමි
කිසි දිනෙක

අහිමිවීම

එදා වගේම
අදත්
සීතලයි
ඒත්
නුඹ නැහැ
මන්ගාව

තුන්වෙනියා

ඇවිත් මැද්දට
පැරැද්දුවා
මාව
අහිමි විය
මට
මගේ
ජීවිතය

මංගල යෝජනාව

ඉරිදා පත්තරේ
පුංචි තීරුවක
බොරු දාහකින්
විකිනෙන මම

විඳින්න

වැස්සයි
සීතලයි
මීවිතයි
ජීවිතෙයි