Wednesday, April 27, 2011

පෙම් කවක්

පද කිසිත්
නැති
හිස්
කොලයකි
තුඩ කැඩුනු
පැන්සලක්
ඇති

Saturday, April 16, 2011

වෙනස

ගිය අවුරුද්දේ
අපි
මේ පාර
නුඹයි මමයි
ලබන සැරේ
නුඹයි ඔහුයි
මමයි ඇයයිද?

Wednesday, April 13, 2011

හිස් බව

හිස් වෙලා
මගේ මුළු
ලෝකයම
නුඹත් නැතිව
මට මාත්
නැතිව

Tuesday, April 12, 2011

අතරමංවීම

අතරමං වෙලා
පාර කියන්නට
මග දන්න
කෙනෙක් නැතුව
මම මගේම
ජීවිතය තුල

Monday, April 11, 2011

අවුරුද්ද

බැරිද
නුඹට
ආයේ එන්න
අවුරුද්දට
ආදරේ තෑග්ගට
අරගෙන

Friday, April 1, 2011

ඈත

ආදෙරන් හිත
පිරිලා ඉතිරිලා
යද්දි
නුඹ ගිහින්
දෙපා වත්
නොතෙමෙන තරම් දුරට

Tuesday, March 29, 2011

නිවස

නුඹත් සමග
අනාගත සිහින මැවූ
නිවස තුල
කෙසේ ඉන්නද
ඇයත් සමග

Monday, March 28, 2011

විකාර

විකාරයක්වත්
නොසිතෙන තරමට
විකාර වූ
මගේ සිත

Sunday, March 27, 2011

පාලුව

මිතුරු හමු
මදුවිත
කිසිවකින්
නොසිඳෙන
නුඹ නොමැති
පාලුව

Tuesday, March 15, 2011

Communication

නුඹේ පණිවිඩ මට නොතේරුනි
මගේ පණිවිඩ නුඹට නොතේරුනි
අපේ පණිවිඩ අපිට නොතේරුනි
දැන් හොඳටම දුරය අපි

Motor Show

අනු සතු වාහන
තමන් සතු මෙන්
සිප වැළඳ
දිගට හරහට ෆොටෝ ගෙන
පෙන්නන්න ලෝකයට

Sunday, March 13, 2011

සතුට

නුඹ මගේත්
මම නුඹේත්
අපි අපේත්
නොවුනා නම්
නුඹයි මමයි
තවම සතුටින්

Friday, March 11, 2011

බුද්ධදාසි

පෙම් කරමි
නුඹ හට
ඇලුම් නොකරන බව
දැන දැනත්
කිසිවෙකුටත් නුඹ

Tuesday, March 8, 2011

පාළුව

නිදහසක් දැනුනාට
හිතෙන විට බොන්න ලැබුනාට
සති අන්තේ ගෙදර හිටියාට
ටෙලිෆෝන් බිල ඉතුරු උනාට
රැ කලින් නිදා ගත්තාට
කන්පිරෙන්න බැනුම් නැති උනාට
නුඹ නැතුව පාලුයි මට

Monday, March 7, 2011

පසුතැවීම

නාඳුනන ඒ නෙතු
හඹා ගිය මා නෙතු
සිහි කලේ මා සිතට
නොබැලූ බව
මගේම වූ ඒ නෙතු

Sunday, March 6, 2011

බාධකය

ඇගේ නෙත
මගේ නෙත
අතර වූ
උගේ අත

Thursday, March 3, 2011

ආයෙත්

හැකිනම්
අරඹන්න
සියල්ල
මුළ සිට
සියළු වැරදි
මගහැර

Wednesday, March 2, 2011

නුඹ එනවානම්

නුඹ මට කෙතරම්
අවැසිදැයි
කිසිවෙකුත් නොදනියි
මා හැර මේ ලොව
සියල්ල හැරදමමි
නුඹ එනවානම්
ආපසු
මා වෙත......

දුක

කෙසේ දරන්නද
මේ දුක
හැකිනම්
අරඹන්න
සියල්ල
මුල සිට

හුදකලාව

අහිමි වූ ඔබ
සොයා ඒමට
කාලය පැමිණ ඇත