පද කිසිත්
නැති
හිස්
කොලයකි
තුඩ කැඩුනු
පැන්සලක්
ඇති
ගිය අවුරුද්දේ
අපි
මේ පාර
නුඹයි මමයි
ලබන සැරේ
නුඹයි ඔහුයි
මමයි ඇයයිද?
හිස් වෙලා
මගේ මුළු
ලෝකයම
නුඹත් නැතිව
මට මාත්
නැතිව
අතරමං වෙලා
පාර කියන්නට
මග දන්න
කෙනෙක් නැතුව
මම මගේම
ජීවිතය තුල
බැරිද
නුඹට
ආයේ එන්න
අවුරුද්දට
ආදරේ තෑග්ගට
අරගෙන
ආදෙරන් හිත
පිරිලා ඉතිරිලා
යද්දි
නුඹ ගිහින්
දෙපා වත්
නොතෙමෙන තරම් දුරට